අනුරපුරේ ඇඟ විකුණූ සූරූපිනයන් 2ක් දැලේ

අනුරාධපුර මාතලේ හන්දියේ කලක සිට පවත්විගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් 3ක් අත්අඩංගුවට ගෙන ඇත.

ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා හා ගණිකා වෘත්තියේ යෙදුනු සූරූපී කාන්තාවන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 22 හා 28 වියේ පසුවන අතර ඔවුන් මාතලේ හා කටුපොත ප්‍රදේශවල පදිංචි කාරියන් වේ.

අත්අඩංගුවට පත් සැකකරු රුපියල් 2500කට කාන්තාවන් අලෙවි කර ඇති අතර ඉන් රුපියල් 1000ක් පමණක් කාන්තාවන්ට දී ඉතිරි 1500 ලභ වශයෙන් තබා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරනය කරගෙන ඇත.

මෙම සුරූපිනියන්ගේ පහස පතා ගෙන දිනකට ගැනුම් කරුවන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් පැමිණෙන අතර වැටලීම සිදු කරන විටත් ගැනුම් කරුවන් 5 දෙනකු එහි සිට ඇත.

අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මගින් උපාය දූතයන් යොදාගෙන මෙම වැටලීම සිදු කර තිබුනි.

Exit mobile version