අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව ලබන 07 වැනිදා අධිකරණය ලබාදෙන තීන්දුව අනුව තීරණය කරන බව ආණ්ඩුව පවසයි.

කෙසේවෙතත් එවැනි අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය සී. බී. රත්නායක පැවසීය.

පෙරේදා (26) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය ලැබුණු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

Exit mobile version