බැඳුම්කර වාර්තාව ගැන එජාපයෙන් ප්‍රතිචාර

බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් ප‍්‍රසිද්ධ කිරීමෙන් පවතින තත්වයන්හි කිසිඳු වෙනසක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන පවසයි.

මේ වනවිට නිකුත් කර ඇති පිටපතෙහි ද අදාළ සියලූ තොරතුරු අන්තර්ගතව ඇති බව ඔහු පෙන්වා දෙයි

බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති 02ක් ඇතුළත ප‍්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයා සිදු කර ඇතැයි කියන නියෝගය සම්බන්ධයෙන් ඔහු මේ බව පැවසීය.

කොමිෂන් සභාවක් කිසිදු වාර්තාවක තොරතුරු සැගවීමක් සිදු නොකරන බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බැඳුම්කර වාර්තාවේ සිංහල හා දෙමළ පිටපත් සති 02ක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (27) ප‍්‍රකාශ කළේය.

Exit mobile version