හර්ෂයි රංගයි දෙවියන්ට කන්නලව් කරයි

ඊයේ (27) පස්වරුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් දේව කන්ලව්වක් පවත්වා ඇත.

එ් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙනි.

දෙපානම,පන්නිපිටිය ශ්‍රී ගණේගොඩ දේවාලය වෙත පැමිණි ඔවුන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වුක් සිදුකළ අතර පසුව ඔවුන් විසින් පොල් ගැසීමක්ද සිදු කළේය.

එහිදි පාර්ලිමෙන්තු මන්ත්‍රි රංගේ බන්ඩාර මහතා පැවසුවේ මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය වියැකි ගොස් ඇති අතර එය නැවත ස්ථාපිත කර දෙන ලෙස ඉල්ලා දෙව කන්නලව්වක් සිදු කළ බවයි.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ යහපාලනය කුමක්ද යන්න බව ජනාධිපතිවයාට අමතක වි කටයුතු කරන බවයි.

 

Exit mobile version