රජරට කුඹුරු මෙවර රටටම ඇතිවෙන්න බත් දෙයි

කලට වෙලාවට වහි දිය ලැබුනු බැවින් රජරට වසර 4ක් තිස්සේ පුරන්ව තිබුනු සෑම වෙල් යායක්ම අස් වැද්දූ බව රජරට ගොවීහූ කියති.

මේ වන විට ගලෙන් බිදුනුවැව, මැදවච්චිය, කැකිරාව, කැබිතිගොල්ලෑව, පදවිය, මිහින්තලේ, මහවිලච්චිය, නොච්චියාගම, කහටගස්දිගිලිය,රඹෑව, හොරොව්පතාන, රාජාංගනය, තඹුත්තේගම යන සෑම ප්‍රදේශකයකම ඇති කුඹුරු අස්වද්දා ඇති අතර මහවැලි එචි කලාපයේ කෙසෙල් වගා කර නැති සෑම කුඹුරක්ම ද මෙවර වී වගා කර ඇත.

රජරට ඇති වැව් 3472න් වනගතව හා අබලන්ව නැති සෑම වැවක්ම මේ වන විට වැහි ජලයෙන් පිරී ඇති බැවින් මෙවර මුළු රටටම ඇති වෙන්න සහල් දෙන බව රජරට ගොවීහූ පවසති.

Exit mobile version