ආණ්ඩුව සභාව වර්ජනය කරද්දී විජේදාස සභාව අමතයි

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරමින් අද(29) දිනයේ දීත් සභාගර්භයට නොපැමිණි මොහොතක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සභාවට පැමිණ තිබේ.

සභාව අමතමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ‍්, මෙම දේශපාලන අස්ථාවරත්වය තුළ ජයග්‍රහණය ලබන කිසිදු නායකයෙක් නොමැති බවයි.

මෙම තත්ත්වය පාලනය කිරීමේ මුලික වගකීම කථානායකවරයා සතු වන බවත්, ඒ බව අවධාරණය කර ගැනීමට අවශ්‍ය නිසා තමා අද දිනයේ දී සභාව ඇමතීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කවර හෝ පක්ෂයක් වේවා බහුතරයක් ඇති පැත්තට බලය ලබා දී මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී කියා සිටියේය.

Exit mobile version