නඩුව බාධාවක් නොවන බව කථානායක කියයි

අධිකරණයේ පවතින නඩු කටයුත්ත හේතුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ ගෙන එන යෝජනාවට බාධාවක් නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු ආරම්භ කරමින් අද (29) දැනුම් දුන්නේය.

මේ වන විට ආණ්ඩු පක්ෂය නොමැතිව සභාවේ කටයුතු සිදු කෙරෙමින් පවතියි.

ඒ අනුව අග‍්‍රාමාත්‍ය වැය ශීර්ෂ කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක විසින් ස්ථීර කරනු ලැබීය.

Exit mobile version