ගංජා තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට

අද(29) උදෑසන ගංජා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 905 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වව්නියාව පොලිස් වසමේ වව්නියාව-ඒ 09 මාර්ගයේ තාණ්ඩිකුලම හන්දිය අසලදී වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකරන ලද පරීක්ෂාවක දී යාපනය දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි මඟීන් දෙදෙනෙකු සන්තකයේ තිබී මෙම ගංජා තොගය සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Exit mobile version