බොරළුගොඩ රිය අනතුරකින් තරුණයෙක් මරුට

රත්නපුර-මහනුවර ප්‍රධාන මාර්ගයේ බොරළුගොඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් මියගොස් තිබේ.

හොරණ සිට ඉංගිරිය දක්වා ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක් පසුකර යාමේදි ඉංගිරිය සිට හොරණ දක්වා ධාවනය වූ මොටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී යතුරු පැදියේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් එක් තරුණයෙක් එම අවස්ථාවේ ජිවිතක්ෂයට පත්වී අැති බවයි වාර්තා වන්නේ.

Exit mobile version