ගම්මිරිස් වාර්ෂික සමුළුව හා ප්‍රදර්ශනය ලබන 30 වන දා සිට

45 වන වරට පවත්වනු ලබන ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාවේ වාර්ෂික සමුළුව හා ප්‍රදර්ශනය  ලබන 30 වන දින සිට නොවැම්බර් 02 දින දක්වා පෙ.ව 8.30 සිට ප.ව. 4.00 වන තෙක් මහනුවරදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහභාගිත්වයෙන් ලබන30 වන දින මෙහි සමාරම්භක උළෙල පැවැත්වීමට නියමිත වන අතර  මෙවර  මෙම ජාත්‍යන්තර සමුළුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබයි.

ප්‍රධාන සාමාජික රටවල් 20කට අධික ගම්මිරිස් කර්මාන්තයට සම්බන්ධ වැවිලිකරුවන්, නිෂ්පාදකයන්, අපනයනකරුවන් හා ආනයනකරුවන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකරුවන් විශාල පිරිසක් මේ සඳහා සහභාගීවීමට නියමිතය. ගම්මිරිස් කර්මාන්තයට අදාළ නව නිෂ්පාදන, සේවා හා නවීන යන්ත්‍ර සූත්‍ර ආදිය ඇතුලත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් ද මෙම සමුළුවට සමගාමීව පවත්වනු ලබයි.

මෙම සමුළුව මඟින් ගම්මිරිස් කර්මාන්තයේ නිරත දේශීය මෙන්ම විදේශීය පාර්ශවකරුවන්ට නවීන තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට, නව වෙළෙඳපොල අවස්ථා හඳුනා ගැනීමට සහ ආර්ථික ප්‍රවනතා පිළිබඳව දැනුවත්වීමට මහඟු අවස්ථාවන් රැසක් නිර්මාණය කරයි.

Exit mobile version