පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් හදිසියේ මිය ගිහින්

 

මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු එම මාර්ග බාධකය අසල තිබී හමුවී තිබේ.

අද උදෑසන 6 ට පමණ එම මෘත ශරීර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම සැක කටයුතු මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

පොලිස්පතිවරයාගේ නියමයෙන් මඩකලපුව කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණ යටතේ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

Exit mobile version