මහමැතිවරණයක් ඉල්ලා බද්දේගම ජනයා උද්ඝෝෂණයක

කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙසට ඉල්ලමින් වැලිවිටිය – දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් බද්දෙගම අම්පෙගම හන්දියේදී උද්ඝෝෂණයක නිරත වී තිබේ.

ඊයේ(29) සවස පැවති මෙම උද්ඝෝෂණයට දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා ඇතුළු ජනතාව එක්ව සිටි බවද වාර්තාවේ.

කථානායකවරයා, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ යන මහත්වරුන්ගේ අනුරුව සාදා ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ටද මෙහිදී විරෝධය පල කෙර තිබේ.

Exit mobile version