Home දේශීය පුවත් යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලිය ආරම්භ වෙයි – PHOTOS

යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලිය ආරම්භ වෙයි – PHOTOS

0

ජනතා අයිතිවාසිකම් සුරකිනු – ව්‍යවස්ථාවට ගරු කරනු යන තේමාව ඔස්සේ එක්සත් ජාතික පක්‍ෂය සංවිධාන කරන යුක්තියේ යාත‍්‍රාව රථ පෙළපාලිය අද උදෑසන ආරම්භ කෙරිණි.

කොළඹ මහනගර සභාව ඉදිරිපිට පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙය ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රැසක් අවස්ථාවට එක්ව සිටියේය.

කොළඹ සිට මහියංගණය දක්වා ගමන් ගන්නා එම රථ පෙළපාලියේ පළමු දිනය වන අද නැවතුම් ස්ථානය වන්නේ දෙවුන්දරයි.

අද එම රථ පෙළපාලිය කොළඹ සිට දෙවුන්දර දක්වා ගමන් කරනවා. හෙට දිනයේ දෙවුන්දර සිට මහියංගණය දක්වා එම රථ පෙළපාළිය ගමන් කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version