ජනපති හා එජාපෙ නියෝජිතයන් අතර අද සාකච්ඡාවක්

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර තවත් විශේෂ සාකච්ඡාවක් අද (02) පැවැත්වේ.

ජනාධිපති කාර්යාලයේදී පෙරේදා පැය දෙකකට ආසන්න කාලයක් එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග පවතින දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කළේය.

එකගතාවයකින් තොරව එම සාකච්ඡා අවසන් විය.

මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන අගහරුවාදා කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේය.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ද ඊයේ සදහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.

Exit mobile version