ප්‍රියංකා – ජෝනාස්ගේ රාජකීය විවාහය

බොලිවුඩ් පුරවරයේ ඉහළම ගෙවීමක් ලබන සුපිරි තාරකාවක් වන 2000 වසරේ ලෝක රූ රැජින ප්‍රියංකා චොප්රා, ඇමරිකානු යොවුන් ගායකයෙකු වන නික් ජෝනාස් සමඟ ඊයේ අතිනත ගෙන තිබේ.

රාජකීය ශ්‍රීයෙන් එම විවාහ මංගල්‍යය පැවැත්වුණේ ජෝද්පූර් හි උමයිද් භවන් මාළිගයේදියි.

මීට වසරකට පමණ පෙර විවාහ ගිවිසගත් ප්‍රියංකා – ජෝනාස් යුවළ ඊයේ ක්‍රිස්තියානි සිරිත් විරිත් අනුව විවාහ චාරිත්‍ර සිදුකළ අතර, අද හින්දු චාරිත්‍රානුකූලව විවාහ උත්සවයකට සහභාගි වනවා.

36 හැවිරිදි ප්‍රියංකා චොප්රා සහ 26 හැවිරිදි නික් ජෝනාස් සමඟ විවාහ වීමේ අවස්ථාවට බොලිවුඩ් නළු නිළියන් මෙන්ම අම්බානිවරුන් ඇතුලූ ප්‍රකට ව්‍යාපාරිකයන්ද එක්වුණා.

Exit mobile version