විග්නේශ්වරන්ට එරෙහිව වවුනියාවේ අත්පත්‍රිකා බෙදා හැරිමක්

අද (02) අලුයම උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාට එරෙහිව වවුනියාව නගරයේ අත්පත්‍රිකා බෙදා ඇති බව වවුනියාව ප්‍රදේශවාසීන් පැවසීය.

තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබූ බව වවුනියාව ප්‍රදේශවාසීන් පැවසීය.

විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභාව සංවිධානයේ හා නව පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අද (02) වවුනියාව නගරයේ රැස්වීමක් සංවිධානය කොට ඇති අතර, ඊට සමගාමීව අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබෙන බව වාර්තාවෙයි.

වවුනියාව දිස්ත්‍රික්කයේ සිදුකිරීමට නියමිතව පැවති සංවර්ධන වැඩසටහන් රැසක් විග්නේශ්වරන් මහතා ප්‍රධාන අමාත්‍යධූරය දරන සමයේ නවතා දැමූ බවත්, හෙතෙම වවුනියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අවධානය යොමු නොකළ බවත් සඳහන් කරමින් වන්නි ජනතාව යනුවෙන් අදාළ අත්පත්‍රිකාව බෙදා හැර තිබුණි.

එවන් පුද්ගලයෙකුගෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සිදුකර ගැනීමට නොහැකි තත්වයක් පවතින බව ප්‍රදේශවාසීන් අත්පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

Exit mobile version