ජනපති සහ එජාපෙ පක්ෂ නායකයින් අතර හමුව අද

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද(03) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම විශේෂ සාකච්ඡාව අද රාත්‍රී 8.00ට ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව ඊයේ(02) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණි.

මෙම සාකච්ඡාවේදී දැනට මතුව ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Exit mobile version