බස් ගාස්තු සංශෝධනයට පියවරක්

අද (03) දින බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

පසුගියදා යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය පියවර ගත් අතර ඒ අනුව මේ වන විට ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 131කි.

මෙම තත්ත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනය කළ යුතු බවට පසුගියදා රැස් වූ සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ විධායක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

Exit mobile version