ගිනි අවි 3ක් සමඟ සැකකරුවන් 2ක් දැලේ

අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දිසා අපරාධ ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධීව ලඟ තබාගෙන සිටි ගිනි අවි 3ක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් සතුව තිබූ විවිධ වර්ගයේ පතොරම් 05ක්, මොටර් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක් ද පොලීසිය භාරගයට ඇති බව සඳහන් වෙයි.

සැකකරුවන් අද (03) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරොන්තුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version