Home දේශීය පුවත් පොලොන්නරුවේ ගල් පොත විනාශ මුඛයේ

පොලොන්නරුවේ ගල් පොත විනාශ මුඛයේ

0
පොලොන්නරුවේ ගල් පොත විනාශ මුඛයේ

ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වී ඇති විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොලොන්නරුවේ ගල් පොත මේ වන විට විනාශ වීමේ අවදානමකට ලක් වී ඇත.

දිගින් අඩි 26 යි අඟල් 10ක් හා පළල අඩි 7යි අඟල් 2ක් වූ ශිලා අක්ෂර 4300ක් සහිත කොටස් තුනකින් සමන්විත පොතක ආකරයෙන් ලියවී ඇති බැවින් මෙය ගල් පොත යන නමින් හැදින්වේ.

පොළොන්නරු යුගයේ නිශ්ෂංකමල්ල රාජ සමයට අයත් ලෙස සැලකෙන මෙම ශිලා ලේඛනය අවු වැසිවලට නිරාවරණය වීම නිසා එහි ඇතැම් ස්ථානවල පතුරු ගැලවී විනාශ වෙමින් පවතින බව පොලොන්නරුවේ ජනතාව පවසයි.

එමෙන්ම ඓතිහාසික උරුමයක් මෙනම ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වී ඇති විශාලතම සෙල්ලිපිය ආරක්ෂා කර ගැනීම බලධාරීන්ගේ යුතුකමක් බවද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.

මේ සම්බන්ධයේන ප්‍රතිචාර දක්වා ඇති පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ මෙම ඓතිහාසික ලියවිල්ල ආරක්ෂා කරගැනීමට අව්වැසි ආවරණයක් ඉදි කිරීමට බලාපොරොත්තුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version