රැල්ලට බය නම් වැල්ලට යන්නෑ – හරීන්

එක්සත් ජාතික පක්ෂයේම පුද්ගලයෙක් ජනපති කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මහියංගනය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමිනි.

බුදුන් වැඩි දේශයක් නිසාවෙන් මහියංගනය තෝරා ගත් බව පැවසු මන්ත්‍රීවරයා පොළොන්නරුවෙන් පැමිණි අයෙක් නිසා සියල්ල අවුල් වී ඇති බවත් රැල්ලට බය නම් කිසි විටෙකත් වැල්ලට නොයන බව පැවසු හරීන් ප්‍රනාන්දු මහතා, සිදු වු සියලු දේට මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බව ද පැවසීය.

Exit mobile version