සල්මාන් සංචාරයක නිරතවෙයි

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරතව තිබේ.

කෂෝගි ඝාතනය සම්බන්ධව චෝදනා එල්ල වීමෙන් පසුව කුමරු මැදපෙරදිග කලාපයේ රටවලින් බැහැරව විදෙස් රටක සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන්  කුමරු සංචාරයක් සඳහා උතුරු අප්‍රිකානු රටක් වන ඇල්ජීරියාවට පැමිණ තිබේ.

ඇල්ජීරියාවට පැමිණීමට පෙර ඔහු මොරිටේනියා රාජ්‍යයේත් සංචාරයක නියැලි ඇති බව වාර්තාවෙයි.

ආර්ජන්ටිනාවේ පැවති ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි ඔහු මෙම සංචාරය ආරම්භ කර ඇති අතර ඇල්ජීරියා අගනුවර සෞදි කුමරු පිළිගැනීමේ අවස්ථාවට ඇල්ජීරියා අග්‍රාමාත්‍යවරයාද එක්ව තිබේ.

Exit mobile version