පොහොට්ටුවේ නගරාධිපතිවරයෙක්ගෙන් එජාප මන්ත්‍රිවරයෙක්ට තර්ජන

“පොහොට්ටුවෙන් තරග වැදිලා නගරාධිපතිවූ තුෂාර සංජිව ඇතුළු පිරිස මගේ නිවස ඉදිරිපිට ඇවිත් තර්ජනය කලා. තාම ආණ්ඩුව අපේ වැඩිය දඟලන්න එපා යැයි” ප්‍රකාශ කරමින් මෙම පිරිස කලහකාරී ලෙස හැසිරී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා පවසා තිබේ.

ඊයේ (03) රාත්‍රි 9.30ට පමණ මෙම සිදුවීම වි ඇති බවත් එම අවස්ථාවේදී තමන් කොළඹ සිටි බවත් සිදුවීම වන අවස්ථාවේ මන්ත්‍රිවරයාගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් පමණක් නිවසේ රැඳී සිට ඇති බවත් වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

Exit mobile version