Home දේශීය පුවත් ඩෙංගු මර්දන වැඩසටහනට පොදු රාජ්‍ය මණ්ඩල විද්‍යුත් සෞඛ්‍ය සමුළුවේ දී ප්‍රථම ස්ථානය

ඩෙංගු මර්දන වැඩසටහනට පොදු රාජ්‍ය මණ්ඩල විද්‍යුත් සෞඛ්‍ය සමුළුවේ දී ප්‍රථම ස්ථානය

0
ඩෙංගු මර්දන වැඩසටහනට පොදු රාජ්‍ය මණ්ඩල විද්‍යුත් සෞඛ්‍ය සමුළුවේ දී ප්‍රථම ස්ථානය

බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ බෝ වන රෝග පාලනය සඳහා ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහනට පොදු රාජ්‍ය මණ්ඩල විද්‍යුත් සෞඛ්‍ය සමුළුවේ දී ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට හැකි වූ බවයි .

මේ විද්‍යුත් සෞඛ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේ දී කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහල්වලින් රුධිර පරීක්ෂාවන් කරන උණ රෝගීන් ඩෙංගු බවට තහවුරු වන්නේ නම් වාර්තාව රෝගියාට නිකුත් වන සැණින්ම ඒ බව බස්නාහිර පළාත් සෞඛ්‍ය කාර්යාලය වෙත පරිගණක පද්ධතිය හරහා දැනුවත් කරනු ඇතැයි ද ඒ මහතා කීය.

මේ දැනුම් දීමට අනුව ඩෙංගු මර්දන නිලධාරීන් එම රෝගියා පදිංචි ප්‍රදේශය සොයා ගොස් ඩෙංගු මර්දන කටයුතු ආරම්භ කිරීම මේ විද්‍යුත් වැඩපිළිවෙළෙහි අරමුණු වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version