Home දේශීය පුවත් ඉදිරි සතියේ පවතින දේශපාලන අර්බුදය අවසන් කරනවා – ජනපති

ඉදිරි සතියේ පවතින දේශපාලන අර්බුදය අවසන් කරනවා – ජනපති

0
ඉදිරි සතියේ පවතින දේශපාලන අර්බුදය අවසන් කරනවා – ජනපති

ඉදිරි සතිය තුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින් සඳහන් කළේය.

රට තුළ දේශපාලන ගැටුමක් නොමැති බවත් රට තුළ ඇත්තේ දේශපාලන අර්බුදයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් ඉවත් වන්න ඉවසීමෙන් කටයුතු කළ ආකාරයට වඩා පසුගිය අවුරුදු තුන හමාර තුළ ඉවසීමෙන් කටයුතු කළ බව ජනාධිපතිවරයාගේ සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම හදිසි තිරණයක් නොවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version