තීරණාත්මක පෙත්සම් විභාගය අදත්

ඉකුත් නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වැඩිදුර විභාගය අද (05) දිනයේද සිදු කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම්වල වැඩිදුර විභාගය සිදුකිරීමට නියමිතය.

අද දිනයේ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පෙත්සම්කරුවන් දස දෙනෙකු වෙනුවෙන් වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ (04) අවසන් කෙරිණි.

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් නොවැම්බර් මස 13 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එය දෙසැම්බර් මස 07 වැනිදා තෙක් බලපැවැත්වෙන අතර ඊයේ දිනයෙන් ආරම්භ වූ මෙම පෙත්සම් විභාගය සඳහා අද සහ හෙට (06) දිනයන්ද වෙන්කර තිබේ.

Exit mobile version