පාර්ලිමේන්තුවේ අසුන්වල කිසිඳු වෙනසක් නෑ

අද (05) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී කිසිඳු වෙනසක් සිදු නොකරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

යම් හෙයකන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් හදිසියේ ආසන වෙනස් කිරීම තාක්ෂණික ගැටළුවක් විය හැකි බව ඔහු කියා සිටියේය.

එබැවින් ඉකුත් දිනවල මෙන් ආසන පනවන බව ප්‍රකාශ කෙරිණි.

කෙසේ වෙතත් සභිකයින් පාර්ලිමේන්තුවේ කුමන අසුන්වල අසුන් ගත්තද ඔවුන් සියලු දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පමණක් සලකා කටයුතු කරන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මීට පෙර දිනවල මෙන් අද දිනයේද පාර්ලිමේන්තු ගැලරිය වසා තබනු ඇත.

Exit mobile version