කිළිනොච්චියේ ජනතාව පාරට බහියි

යුද්ධයේ ආදීනව තවමත් විඳිමින් සිටින බැවින් යළිත් එවැනි තත්ත්වයක් රට තුළ ඇති නොවීමට අදාල බලධාරීන්ගෙන් ඉල්ලමින් හා ජනතාව දැනුවත් කරමින් කිලිනොච්චියේ ජනයා විරෝධතාවක් දැක්වීය.

පසුගිය (04) වැනිදා පැවැති මෙම විරෝධතා පාගමනට විශාල ජනකායක් එක්ව සිටි අතර මේ වන විට සිවිල් ආරක්ෂක බළකායට අනුයුක්තව සේවය කරන දෙමළ නිලධාරීන් වීම විශේෂත්වයකි.

නගරය පුරා සැරිසරමින් ජනතාව දැනුවත් කරමින් පැවැති මේ විරෝධතාවේදී මෙරට වර්තමානයේ පවතින සාමකාමී වාතාවරණය තුළ සියලු ජාතීන් විඳින නිදහස විනාශ කරමින් එට නැවතත් අඳුරු යුගයට ඇදගෙන යන පිරිස් වලට එරෙහිව විරෝධය පා ඇත.

Exit mobile version