වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයේ

වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් අද (07) දිනයේදී ද කඳුකරයේ කම්කරුවන් දෛනික සේවා කටයුතු සඳහා වාර්තා නොකර සිව්වන දිනටත් උද්ඝෝෂණය කළහ.

මස්කෙළිය වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ කම්කරුවන් අද පෙ.ව. 10.30 ට පමණ එම වත්තේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

මෙහිදී උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියා සිටියේ, දැඩි වෙහෙසක් දරා සේවා කටයුතුවල නිරතව සිටින තමන්ට දිනක මූලික වැටුප ලෙස රුපියල් 1000/- ක මුදලක් වතු සමාගම්වලට දිය හැකි බවත්, සමාගම් වාර්ෂිකව අධික ලාබයක් උපයන් බවත්ය.

Exit mobile version