බැංකු දෙකක් තුළ වෙඩි තැබීමක් – 12ක් ජිවිතක්ෂයට

ඊසාන දිග බ්‍රසීලයේ මිලාග්‍රස් ප්‍රදේශයේ බැංකු දෙකක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් අැති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොල්ලකරුවන් පිරිසක් විසින් අදාළ බැංකු වෙත පැමිණ එහි සිටි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාතබාගෙන ඇති විදෙස් මාධ්‍ය  සඳහන් කළේ.

එහිදී එරට පොලීසිය හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරවලින් කොල්ලකරුවන් 06 දෙනෙකු හා ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකු මියගිය බව සඳහන්ය.

කොල්ලකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකරුවන් විසින් රැගෙන ආ පුපුරණද්‍රව්‍ය, ගිනි අවි හා වාහන කිහිපයක් ද එරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

Exit mobile version