රිය අනතුරකින් කාන්තාවක් මරුට

දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ලොරි රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුරක් සිදුව අැති බව පොලීසිය පවසයි.

කුරුණෑගල, බඩගමුව තෝරයාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී අැත.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පසුපැදිකාරිය මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කුරුණෑගල, හිඳගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version