විදේශිය ගිනි අවියක්, යතුරු පැදියක් සමඟ පොලිස් අත්අඩංගුවට

උඩුගම, කොතලාවල මාර්ගයේ රාත්‍රී මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි උඩුගම පොලීසියේ නිළධාරීන් විසින් ප්‍රධාන පහන් නොදල්වා ධාවනය වෙමින් පැවති යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමට සංඥා කර තිබේ.

එහිදී යතුරුපැදිකරු හා පසුපැදිකරු යතුරුපැදිය එම ස්ථානයේ දමා පලාගොස් ඇත.

අනතුරුව පොලිස් නිළධාරීන් විසින් යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එහි උණ්ඩයක් සොයාගෙන ඇති අතර යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන අැත.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උඩුගම පොලීසිය විමර්ශන අාරම්භ කර අැත.

Exit mobile version