දැවෙන ප්‍රශ්නයක් විසඳගන්න තොන්ඩා ජනපති හමුවෙයි

වතු කම්කරුවන්ගේ දෛනික මුලික රු. 1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් අද(10) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.

වතු කම්කරුවන් දෛනික මුලික වැටුප ලෙස රු 1000 ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය ඊයේ(09) වන විට 6 වෙනි දිනටත් ක්‍රියාත්මක විය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ඉදිරියට ගන්නා වෘත්තිය සමිති ක්‍රීයා මාර්ග සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මධ්‍යය සාකච්ඡාවක් අමතමින්. ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති හා මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගන් තොණ්ඩමණ් මහතා කියා සිටියේ අද සිට එම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට වතුකරය නියෝජනය කරන සෙසු වෘත්තිය සමිතිවල සහයෝගය ද ලබාදිමට එකඟතාව පල කළ බවයි.

වතු කම්කරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරමින් සිටින අවස්තාවේ ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය හේතුවෙන් එම සාකච්ඡාව බිඳ වැටුණු බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

වතු කම්කරුවන්ට රු 1000 දෛනික මුලික වැටුපක් ලබා දීමට වතු සමාගම්වලට හැකියාව තිබීයදීත් එය ලබා නොදෙන්නේ නම් තේ වතු යලිත් රජයට භාර දිය යුතු බව තොණ්ඩමණ් මහතා මෙහිදී වැඩි දුරටත් පැවැසීය.

Exit mobile version