බස්නාහිර පොදු වෙළෙඳ සංකීර්ණ සංවර්ධනයට පියවර

බස්නාහිර පළාතේ ප්‍රධාන නගර මධ්‍යයේ ඉදිකර තිබෙන පොදු වෙළඳ සංකීර්ණ නවීන හා අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා ලැබුණු අතර  පළාත් පාලන ආයතන මඟින් පාලනය වන මෙම වෙළඳ සංකීර්ණ වාණිජ ඉඩකඩ සපුරාලීම සඳහා වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට මෙහිදී යෝජනා වී ඇත.

 

Exit mobile version