කැරොලිනාවේ හිම කුණාටුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ  උතුරු කැරොලිනා ප්‍රාන්තයට බලපා ඇති අධික හිම කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට තිබේ.

මෝටර් රථය මතට ගසක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇති අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 1600 ක් පමණ අවලංගු කර ඇත.

එමෙන්ම නිවාස තුන්ලක්ෂ අසූදහසකට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇති බවත්, වාර්තා වී ඇති අනතුරු සංඛ්‍යාව 672 දක්වා ඉහළගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version