වාහන මිල ඉහළට ?

වත්මන එක්සත් ජනපද ඩොලරයේ වැඩිවීම මත ආනයනික වාහන මිල ගණන් ඉදිරියේ දී 15% ත් 20% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දින ‘Biz Journal’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

රට තුළ නොසිතූ සිදුවීම් ගණනාවක් සිදු වු බවත්වාහන යනු භාණ්ඩයක් වන අතර, මුදල් අවප්‍රමාණය වීම, ඩොලරයේ අගය ඉහළ යෑම වැනි තත්ත්වයන් වාහනවල බදු අඩු කර ගැනීම මේ තත්ත්වය තුළ බලාපොරොත්තු විය නොහැකි බවත් වැඩ්දුරටත් අදහස් දක්වමින් ඉන්දික මහතා පැවසීය.

ඩොලරයේ අගය ඉහළ යෑම හා ආනයනික වාහන මිල සියයට 15 ත් අතර 20ත් ඉදිරියේ දී මිල ගණන් ඉහළ යා හැකි බව ද සම්පත් මහතා මෙහිදී පැවසීය.

Exit mobile version