ඉන්දියාවේ රුපියලත් කඩා වැටේ

අද (11) දින අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය කඩා වැටි තිබේ.

සියයට එකයි දශම දෙකකින් ඉන්දීය රුපියලේ අගය පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඉන්දීය මහ බැංකුවේ අධිපති අර්ජිත් පටෙල්ගේ හදිසි ඉල්ලා අස්වීම මෙම තත්වයට ප‍්‍රධාන හේතුව වී තිබේ.

මේ හේතුවෙන් ආයෝජන දුර්වල වී ඇති අතර ඉන්දියාව තුළ නව ආයෝජන සිදු කිරීමේදී ප‍්‍රවේශම් වීමට ද ව්‍යාපාරිකයින් පෙළඹෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මහ බැංකුවේ අධිපතිවරයා ඊයේ හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වුයේ තවත් වසර එක හමාරකට ආසන්න කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට ඉඩ තිබියදීය.

Exit mobile version