ඉදිරි පැය 48 තීරණාත්මකයි

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක කාලය තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බව දැනට අනුමාන කර ඇත.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version