Home දේශීය පුවත් කඩේට අාව කතට අතවර කල මුදලාලිට වැඩ වරදී

කඩේට අාව කතට අතවර කල මුදලාලිට වැඩ වරදී

0
කඩේට අාව කතට අතවර කල මුදලාලිට වැඩ වරදී

තම ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේ අලෙවිසැළක් පවත්වා ගෙන යන පුද්ගලයෙක් බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි. නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version