Home දේශීය පුවත් ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ආරම්භ වෙයි

ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ආරම්භ වෙයි

0
ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ආරම්භ වෙයි
ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය “Forestry in a New Landscape” යන තේමාව ඔස්සේ ඊයේ (23) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වූ අතර මෙම සමුළුව 27දා දක්වා පැවැත්වේ.
මෙහි සමාරම්භක උත්සවය අද (24) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
වනාන්තර කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම, කලාපීය වනාන්තර සහ භූ දර්ශනය ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමෝපායන් අනුමත කර ගැනීම, නාගරික භූ දර්ශනය තුළ ශාකවල පැවැත්ම, ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සඳහා වන්නාතරවල දායකත්වය, ප්‍රජා වන කළමනාකරණනව ප්‍රවේශය, 2020 වසරේ දී වන සම්පත් තක්සේරුව වැනි මාතෘකා යටතේ සාකච්ඡාව පැවැත්වේ.
මීට අමතරව විවිධ ජාත්‍යන්තර සහ දේශීය ආයතන මඟින් ප්‍රදර්ශන කුටි 16ක් ද පෝස්ටර් ප්‍රදර්ශනයක් ද සහභාගී ව නියෝජිතයන් හට ශ්‍රී ලංකාවේ වනාන්තර සහ අලි සංරක්ෂණය පිළිබඳ අත්දැකීම් ලබා දීමේ අරමුණෙන් ක්ෂේත්‍ර චාරිකා දෙකක් ද සංවිධානය කර ඇත.
ආසියා ශාන්තිකර වනාන්තර පිළිබඳ කොමිසමෙහි වර්තමාන සාමාජික සංඛ්‍යාව රටවල් 33 කි. මේ සඳහා සාමාජික රටවල නියෝජිතයන් හා විවිධ මට්ටමේ නිරීක්ෂණ ආයතනයන්හි නියෝජිතයන් 300ක් පමණ සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version