IPL ලැයිස්තුවට ගිය ලාංකීය ක්‍රීඩකයින් දෙදෙනා මෙන්න

IPL තරගාවලිය සඳහා තෝරා ගැණුනු අවසන් ක‍්‍රීඩකයින් 346 දෙනෙකුගේ ලැයිස්තුවට මෙරටින් ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වී තිබේ.

මෙම ක‍්‍රීඩකයින් 346 දෙනා තෝරා ගනු ලැබුවේ  ක‍්‍රීඩකයින් 1003 දෙනෙකු අතරින්ය.

තෝරාගත් පිරිසට ඉන්දීය ක‍්‍රීඩකයින් 226 දෙනෙකුම අයත් වන අතර මෙවර ඉහළම වටිනාකම ලෙස මූලික අදියරේ මිල ගණන් ප‍්‍රකාශ කිරීමේදී ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට ලන්සු තබා ඇත්තේ ක‍්‍රීඩකයින් 09 දෙනෙකුට පමණකි

ඒ අතරට ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද අයත්. IPL ක‍්‍රීඩක වෙන්දේසිය ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතව ඇත.

Exit mobile version