හොර සල්ලි අච්චු ගහන කොළ තොගයක් කොළමුන්නේදී දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදා ගන්නා කඩදාසි තොගයක් සමග සැකකරුවෙකු ඊයේ (11) පිළියන්දලදී අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල- කොළමුන්න බිම්බාරාම මාවතේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.

සැකකරු සමග ව්‍යාජ මුලද් නෝට්ටු මුද්‍රණයට ගන්නා කඩදාසි 2495ක් හා ජංගම දුරකතන 2ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

Exit mobile version