සම්ප්‍රදායට පිිටින් ගෙනා යෝජනා 2ක් ගැන ඩලස් කියන කතාව

 

අද(12) කැඳවන ලද පාර්ලිමේන්තු රැස් වීම ආණුඩුව නොතකා පාර්ලිමේන්තු මූලික සම්ප්‍රදායන් ගරු නොකරමින් ඒකපාර්ශ්විකව කැඳවා ඇති බවත් එහිදී යෝජනාවන් දෙකක් ඉදිරිපත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කිසා සිටියේය.

එහි එක් යෝජනාවක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති බවට වූ යෝජනාවයි.

වික්‍රමසිංහ මහතාට මන්ත්‍රීවරුන් 113ක් සහය දෙන බවට වූ යෝජනාවක් දෙවැනි යෝජනාව ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බව ද අලහප්පෙරුම මහතා පැවැසීය.

එසේම අද දිනය වන විට පවතින අර්බුදකාරී තත්ත්වයට හරියටම දින29ක් වන බව පෙන්වා දුන් ඔහු මෙම අර්බුදය විධායකය ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයට විසඳිය යුතු තැනක නොමැති බවත් මෙය විසඳිය යුතු තැන වන්නේ මේ බල කේන්ද්‍ර තුනට උඩින් සිටින ජනතාව බවත් පැවැසිය.

Exit mobile version