තොණ්ඩමන්ට එරෙහිව වතු කම්කරුවන් උද්ඝෝෂණයක – PHOTOS

තම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකොට ලබා දෙන මෙන් ඉල්ලමින් තලවකැලේ, වටගොඩ, මඩකුඹුර වත්තේ වතු කම්කරුවන් අද (12) උද්ඝෝෂණයක නිරතවුහ.

පොස්ටර් ප්‍රදර්ශනය කරමින් හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ රුව සේ සකස් කරන ලද බඹයෙකු සකසා ඊට ගිණි තබමින් එම වත්තේ වතු කම්කරුවන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස්ව මෙසේ උද්ඝෝෂණයේ යෙදිණි.

ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් දිගින් දිගටම තමන් රවට්ටමින් සිටින බවත්, ලංකා කම්කරු කොංග්‍රසය තමන් ඉත්තනට ගෙන ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගනිමින් සිටින බවත් උද්ඝෝෂණයේ යෙදී සිටි වතු කම්කරුවන් මෙහෙදී පැවැසීය.

Exit mobile version