ග්‍රීසියෙන් ලෝහමය නත්තල් ගසක්

පසුගියදා නත්තල් සමය වෙනුවෙන් ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ නත්තල් ගසක් නිරාවරණය කර තිබේ.

අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද එම අවස්ථාවට බොහෝ දෙනෙකු එක්ව ඇති අතර ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර ඉදි කළ අලංකාර ලෝහමය නත්තල් ගස ආලෝකවත් කොට නිරාවරණ කිරීම පසුගියදා සිදුකෙරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇතැන්ස් හි ප්‍රධාන චතුරස්‍රයේ ඉදිකර තිබෙන මෙම නත්තල් ගස නැරඹීමට වර්ෂාව පවා නොතකමින් බොහෝ පිරිසක් පැමිණෙන බවයි.

එමෙන්ම එරට සංගීතවේදීන් කිහිප දෙනෙකු ඉදිරිපත් කරන ප්‍රසංගයක්ද ඒ ආසන්නයේ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version