එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්රදේශයේ ලී මඩුවක් ගිනි ගෙන ඇත.
පොලිසිය, මොරටුව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.
ගින්නෙන් සිදුවු අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත.