ශ්‍රීලනිපයේ තීරණයක් ඩිලාන් කියයි

අධිකරණයෙන් ලබාදෙන ඕනෑම තීන්දුවක් පිළිගන්නා බවත් ඒ අනුව කටයුතු කරන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කර තිබේ.

හෙට (14)  මැතිවරණය පැවැත්වීමට තීන්දුව ලැබුණහොත් උදේ සිට ගොඩනගා තිබෙන සන්ධානයේ වැඩ ආරම්භකරන බවද එම පක්ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (13) පැවති මාධ්‍ය හමුවකදිය.

තවද සන්ධානයේ නම සකස්කර අවසන් බවත් ලාංඡනය පිළිබඳව අවසන් තීන්දුව ගැනීමට තිබෙන බවයි.

අධිකරණ තීන්දුව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නියෝජිතයන් අද රැස්වෙන බවද ප්‍රකාශ කළේය.

Exit mobile version