රුවන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජය්‍රහණයට කැපවු සැමට ස්තූතිය

රටේ ප්‍රතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්වූ එජාප පාක්ෂිකයින් ඇතුළු සියලුම පාර්ශවයන් වෙත විශේෂ ස්තූතිය සහ ආචාරය පුද කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලද පෙත්සම් විභාගයට ගත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවත් එය නීතිවිරෝධී බවයි.

ඒ අනුව යළිත් රටතුල තිබූ අස්තාවරභාවය මැකීගොස් අප මාතෘභූමිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 26 වනදා සිට මේ දක්වා එජාපය සමඟ එකට අත්වැල් බැදගනිමින් නොපැකිලව අධිශ්ඨානශිලීව රටේ ප්‍රතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්වූ සියළු එජාප පාක්ෂිකයින් ඇතුළු සියළු දෙනාටමත් සිවිල් සංවිධානයක් වෙතත්  ස්තූතිය සහ ප්‍රණාමය පුද කරන බවද පැවසීය.

ව්‍යවස්ථාවට ගරුකරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තවදුරටත් ශක්තිමත්ව කටයුතු කරන බව ද එ් මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version