ලොව දෙවන යෝධයා අබාධයක් නිසා මත්තලට එයි

ඇන්ටනොවූ 124 දරන ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර  ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්සවා තිබේ. එය ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය වෙයි.

තායිලන්තයේ සිට උගන්ඩාව දක්වා පියාසර කරන අතරතුර මෙම ගුවන් යානය ඊයේ(13) අලුයම 5.26 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.

පසුව කාර්මික දෝෂය සකසා ගැනීමෙන් පසු අද(14) දිනයේ නැවත උගන්ඩාව දක්වා පියාසර කර ඇත.

Exit mobile version