මහින්දගේ පෙත්සමට ලැබුණු තීන්දුව මෙන්න

මහින්ද රාපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මෙම අභියාචනය විභාග වූ අතර ඉන් දෙදෙනකු මෙය විභාග කිරිමට එකග වී ඇත.

මේ අනුව ජනවාරි මස 16, 17, 18 දිනයන් හි මෙම අභියාචනය විභාග කිරීමට තීරණය කර ඇත.

අවශ්‍ය නම් මෙම අභියාචනය පංචපුද්ගල විනිශ්චය මණ්ලයක් ඉදිරියේ විභාග කිරීමට අගවිනිසුරු මගින් ඉල්ලීමක් කරන ලෙසද මෙහිදී විනිශ්චය කාරවරුන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ජනවාරි මස දෙවැනි සතිය වන තෙක් අගමැති මහින්ද රාජපක්ෂට හා අමාත්‍ය මණ්ඩලයට ධුර දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය  ලබා දුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වනු ඇත.

 

 

Exit mobile version